Colombo Today Local News

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ; ජාතික බුද්ධි ප්‍රධානිගෙන් ප්‍රශ්න කරයි

සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්‌ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (11 වැනිදා) පැය හයක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

ලසන්ත ඝාතනය සහ කීත් නොයාර් පැහැර ගැනීම සිදු වූ කාලසීමාවේදී සිසිර මෙන්ඩිස්‌ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යැමෙන් පසු සිසිර මෙන්ඩිස්‌ මහතා වර්තමාන රජය යටතේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට පත්කර තිබිණි.

පෙරේදා පෙරවරු 10.00 ට පමණ මෙන්ඩිස්‌ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටී අතර සවස 4.00 වනතුරු ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි.

ලසන්ත ඝාතනයට අදාළව මෙන්ම කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධව ඉතාම වැදගත් තොරතුරු රැසක්‌ මෙහිදී හෙළිකර ගැනීමට හැකිවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසීය.

Related posts

උලමා ලොක්කා මොරොක්කෝ බිරිඳ සමග රටින් පැන්නැයි මුස්ලිම් සමාජයේ ආන්දෝලනයක්.

colombotoday

සීනි මිලත් අඩු වෙයි

Admin

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday