Colombo Today Local News

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

මුදල් නෝට්ටු ලෙස පෙනී යන පරිදි ව්‍යාජ ලෙස සකස් කළ නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17)දින දහවල් මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත.

සැකකරුවන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද (18)දින අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday