Colombo Today Local News

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

141211181809_rajitha_senaratne_640x360_bbc

 

රාජපක්ෂ පවුලට අයත් බව පැවසෙන විදෙස් රටක බැංකුව ඩොලර් බිලියන ගණනක් සගවා ඇතැයි කියන ගිණුම් එකකවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන්ව නැති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඇහරිකාවට ලබා දුන් බැංකු ගිණුම්වල එක් අංකයක් වැරදී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මීට පෙර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසා තිබුණේ රාජපක්ෂවරුත් විදේශ ගිණුමක සගවා තැබූ ඩොලර් බිලියන ගණනක් තමන් ඇස් දෙකෙන් දුටු බවයි.

මේ අතර හිටපු ප්‍රභූ පවුලක් ඩුබායි හි බැංකුවල ගිණුම් පවත්වාගෙන යන්නේයැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජවිපෙ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටි අතර අද (28) පාර්ලිමේන්තුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් කරන බව ය.

කෙසේ නමුත් ඊයේ පස්වරුවේ සභාව කල් තැබූ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සිදු නොවිණි.

Related posts

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

Admin

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday