රටේ සියලු ආගමික දර්ශනයන් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ ඉතාලි රදගුරු සම්මේලනයේ ආධාර යටතේ මීගමුවේ ඉදිකල 16වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට (27) එක්වෙමින්.
කිසිදු ආගමික දර්ශනයක් තවත් ආගමික දර්ශනයක් විසින් යටපත් නොකළ යුතු බවත්, වාණිජ සමාජය සමග පිරිහී යමින් තිබෙන සමස්ත සමාජය සුවපත් කිරීමට ආගමික දර්ශනය තරම් උතුම් දර්ශනයක් තවමත් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.