Colombo Today Local News

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් පුද්ගලික බැංකුවලට මාරු කිරීමට තීරණයක්

state bankරාජ්‍ය බැංකු තුළ පවතින රජයේ ගිණුම් එම බැංකුවලින් ඉවත් කර, පෞද්ගලික අංශයේ බැංකු වෙත ඇතුළත් කිරීම පිළිබඳව මෙවර කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

රජයේ මුදල් සහිත සියලු ගිණුම් දැනට රාජ්‍ය බැංකු තුළ පවතින හෙයින් හදිසියේ මෙම රාජ්‍ය බැංකු වර්ජනයක නිරත වුවහොත් රජයේ කටයුතුවලට ඉන් බරපතළ තර්ජනයක් එල්ලවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබේ.

රජයේ මුදල් සියලු බැංකු තුළ සමානව තැන්පත් කර තිබුණහොත් මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දිය හැකි බවත් රජයේ බැංකු මෙලෙස හදිසියේ වැඩවර්ජන කරන්නේ රාජ්‍ය මුදල් මෙම බැංකු තුළ පමණක් පවතින බව දැනගෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව රාජිත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අයවැය මගින් ගත් ලීසිං පිළිබඳ තීරණය අයින් කරන බව බැංකු සංගම් නිලධාරීන්ට දන්වා තිබියදීද ඔවුන් පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම දක්වමින් අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම කරුණු ප්‍රකාශකර තිබේ.
කෙසේවෙතත් මෙම කාරණය පිළිබඳ ක්‍රියාත්මක වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සතියකින් කල්දැමූ බවත්, මීළග කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

අශේන් පසුපස සී.අයි.ඩීය

Admin

මහින්ද මුස්ලිම් පල්ලි පමණක් 200ක් හැදුවා..ග්‍රෑන්ඩ්පාස් බෝධියේ අත්ත පල්ලියට වැටුනම පල්ලිය ඇතුලෙන් කපන්න නියම කළේ මහින්ද විතරයි..

colombotoday

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin