Colombo Today Local News

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

රජයේ ඉදිරි ආදායම් ඉලක්ක පැහැදිළි නොමැති බවත්, අයවැය හිඟය පියවාගැනීම ශ්‍රී ලංකාවට අපහසු කාර්යයක් වනු ඇතැයි අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව එළිදක්වමින් කියා සිටී.

එක්වරක් පමණක් ලැබෙන ආදායම් අහිමිවී යාමෙන් 2016 වසරේදී රජයේ ආදායම් සැලැකියයුතු මට්ටමකින් පහලයාමේ අවදානමක් ඇති බව අදාල වාර්තාවෙන් පෙන්වා දී ඇත.

පිටු 67කින් යුත් එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තම බදු එකතු කිරීම හා බදු මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිසි ඇගැයීමකට ලක්කළ යුතු බවත්, තවදුරටත් බදු සහනදීමෙන් වැලැකී සිටිය යුතු බවත්ය.

එසේම සිය බදු පදනම වැඩිකර ගැනීමට හා බදු පරිපාලනය ශක්තිමත්කර ගැනීමට පියවරගතයුතු බවත් පෙන්වාදී තිබේ.

ඒ සඳහා වන මූලික පියවර ගතයුත්තේ 2016 වසර සඳහා වන අයවැයෙන් බවටද එම අරමුදල කියා සිටී.

Related posts

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin