7 April 2025
Colombo Today Local News

යුද්දෙට බයේ මහින්ද, ගෝඨාභය හෝ මම රටින් පැන ගියේ නෑ – හිටපු හමුදාපති ෆොන්සේකා ජනපති සිරිසේනගේ නිව්යෝක් ප්‍රකාශය පතුරු ගහයි

කොටි සංවිධානයට එරෙහිව යුද්දය පැවති අවසන් සති දෙක තුලදී හිටපු යුධ හමුදාපතිවරයා ලෙස තමන් හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුද්ධයට බයේ රටින් පැන ගියේ නැති බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොටි සංවිධානය දැවැන්ත ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර කොලඹ නගරය විනාශ කරන්නේ යයි ලැබ තිබූ වාර්තා මත යුද්දය පැවති අවසන් සති දෙකේදී එවකට හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු හමුදාපතිවරයා රටින් පිටවු බවත් වැඩ බලන ආරක්‍ෂක ඇමතිවරයා ලෙස තමන් විසින් යුද්ධය මෙහෙයවූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ ඇමැරිකාවේදී කරන ලද ප‍්‍රකාශයෙන් පසු ෆොන්සේකා මහතා මෙම ප‍්‍රකාශය සිදු කලේය.

කිසිම අවස්ථාවක යුද්දයක් සති දෙකකින් තීරණය නොවන බවත් එම කාලයේ ඉතිරිව තිබුණේ කෝප්‍රල්වරයෙකුට පවා සිදු කල හැකි දෙයක් බවත් පවසන ෆොන්සේකා මහතා යුද්ධය සති දෙකකින් කලේ යයි ඇතැමුන් කෙසේ සිතා සිටින්නේදැයි යන්න පවා ගැටළුවක් යයිද ඔහු පැවසීය.

එහෙම හැංගෙන ජාතියෙ හමුදාවක් අපට හිටියෙත් නෑ. හමුදපතිවරු හිටියෙත් නෑ. මොනව වුණත් ඒ ජනාධිපතියි ඒ ආරක්‍ෂක ලේකමුයි එහෙම හැංගුනෙ නෑ’ යයිද ඔහු කියා සිටියේය.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.

Related posts

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

colombotoday

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

colombotoday

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday