Colombo Today Local News

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ  ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද  (28)  කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික  නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පත ද  තිබූ බව පොලිසිය සදහන් කරයි.

කලුතර ,පලාතොට ,බෝම්බුවල ආදී ප්‍රදේශ වලට යතුරු පැදියකින් පැමිනෙණ පුද්ගලයෙකු මත්කුඩු බෙදා හරින බවට කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පූර්ණ පරීක්ෂා කර අවසානයේ මුඛ ආවරණ ද පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්කුඩු සඟවා ගෙන සිටි බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබලා රාජකාරි හැදුනුම්පත යොදාගනිමින් මෙම මත්කුඩු ජාවාරම කාලයක සිට සිදු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහු මාර්ග බාධක හරහා කිසිදු බාධාවකින් තොරව මත්කුඩු ප්‍රවාහන කර ඇති බව කරන ලද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත  38 වියේ පසු වන මෙම සැකකරුගේ බිරිඳද ආරක්ෂක සේවාවක රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි

සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

colombotoday

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin