Colombo Today Local News

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

සිංහරාජය වටා ඇති පරිවාර වනාන්තර නවයක් එකතුකොට එය වැසි වනාන්තර සංකීර්ණයක් ලෙස දක්වමින් සිංහරාජය තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් විශාල කිරී‍මේ අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය නොවැම්බර් 11 වැනි දින කටයුතු කර තිබේ.

ඒ අනුව හෙක්ටයාර් එකොළොස් දහසක්ව පැවති වනාන්තර වපසරිය හෙක්ටයාර තිස්හය දහස් හාරසිය හැත්තෑ පහක් දක්වා මෙමගින් වැඩිකර ඇත. දෙල්වල වලන්කන්ද, පන්නිල, නාහිටිමූකලාන, මාදම්පෙ වනාන්තරය, බෙල්ලව, තිබුරාවල, හොරකන්තැලිය, රුහුණුකන්ද, මොරපිටිය යන පරිවාර වනාන්තර මෙසේ සිංහරාජයට අලුතින් ඇතුළත්ව තිබේ.

පරිසරවේදීන්ගේ දැඩි ඉල්ලීම මත සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත සිදුවූ මෙය මෑතකාලීනව පරිසර සංරක්ෂණය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම කර්තව්‍යය සිදු කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත කිරීමට සිදුවූයේ එහි මිණුම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.එම්.සී. වේරගොඩ පැවසීය.

මෙම පරිවාර වනාන්තර ඈත අතීතයේ සිංහරාජයේ කොටස්ව පැවති නමුත් පසුව ඒවා යෝජිත රක්ෂිත තත්ත්වයේ පවත්වාගෙන යාම මගින් නිසි රැකවරණයක් එම පරිවාර වනාන්තර සඳහා නොලැබුණු බව පැවසීය.

Related posts

ක්ලබ් වසන්ත ඝා-තනයේ අලුත්ම තීන්දුව අද ලැබෙයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Admin

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

ත්‍රිකුණාමල වරාය ගැන අගමැති ඉන්දියාව සමග සාකච්ඡා

colombotoday

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්‍ෂ 10ක්

colombotoday