Colombo Today Local News

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය සැරසේ

ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ අතුරුදන්වීම පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් ඒකකයේ ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි යස්‌මින් සුකා ජාත්‍යන්තර අධිකරණය ඉල්ලා ඇත.

2017 මැයි 17 සිට මැයි 19 තෙක්‌ හමුදාවට බාරවූ පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වාර්තාවක්‌ මගින් ජාත්‍යන්තර අධිකරණයට පෙන්නුම් කර තිබේ.

ළමුන් 29 ක්‌ ඇතුළු කොටි ක්‍රියාකාරීන්ගෙන් පවුල් හමුදාවට බාර වී ඇති බවද යස්‌මින්සුකා දන්වා ඇත. එහෙත් මේ විමර්ශන වාර්තාව සනාත කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌ පෝරාවේ සහාය මත කටයුතු කරන හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරීසන් බව හෙළිවී ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය පිළිගෙන නැති නිසා එහි විමර්ශන නිලධාරීන්ට මෙරටට පැමිණ ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක්‌ නැත.

– Divaina

Related posts

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday