Colombo Today Local News

මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඇමති දයා ගමගේගෙන් ඇමති මංගලට ටොක්කක්

තමාට මුදල් අමාත්‍යාංශය භාර දුන්නා නම්  රටේ මූල්‍යමය අර්බුදයක් ඇති නොවන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ කටයුතු සිදුවන්නේ ඉතාමත්ම අකාර්යක්ෂමව බවට චෝදනා කරන ඒ මහතා තමන්ට මුදල් අමාත්‍යාංශය භාර දෙන්නේ නම් තමන් ආර්ථිකය ගොඩ නඟා පෙන්වන බව ඒ මහතා ප්‍රකාශ කරයි

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට එක්වෙමින් දයා ගමගේ මහතා මේ බව පැවසීය.

තමන් කිසිදිනක මුදල් නැති බව පවසා වැඩ නොකළ සිටියේ නැති බවත් මුදල් උපයා ගැනීමට ඇති අපහසුතාව හඳුනන නිසා කිසිදු අවස්ථාවක තමන් මුදල් අනවශ්‍ය විදියට වියදම් නොකරන බවත් ඒ මහතා පැවසීය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට වජිර අබේවර්ධන,පී.හැරිසන් යන අමාත්‍යවරුන්ද සහභාගි වුණි.

Related posts

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday