Colombo Today Local News

මුඛ ආවරණ නොමැති මගීන් බස්රථවලට ගන්නේ නෑ – ගැමුණු කියයි

මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියෝ පවසති.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඒ පිළිබඳව බස් රථ රියදුරන් සහ සහායකයින් දැනුවත්කර ඇති බවය.

මගී ජනතාව බස් රථයට ගොඩවීමට පෙර මුඛ ආවරණය පැළඳසිටීම අනිවාර්ය බව ඔහු පැවසීය.

අද (05) දීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම පොලිස් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලදී මගීන් බස් රථවලට නග්ගවා ගැනීම හෝ බැස්සවීම තහනම් බවද ඔහු කීය.

Related posts

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත මහා ගංවතුර තත්තවයක්.. සියළු ගංගා අසලින් වහා ඉවත්වන්න රජය දන්වයි

colombotoday

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday