Colombo Today Local News

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

කොළඹ සිට මඩකලපුව බලා ගමන්ගත් ‘මීනගයා’ ශීඝ්‍රගාමී තැපැල් දුම්රිය අවුකන කලාඔය පාලම අසළදී මැදිරි 6ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වී ඇත.

ඊයේ(21) රාත්‍රී 7.00ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා ගමන් ආරම්භ කළ තැපැල් දුම්රිය කලාඔයට ඉහළින් අඩි 100ක පමණ උසින් යුත් පාලම අසළදී මෙම අනතුරට ලක්ව තිබිණි.

අනතුරත් සමග දුම්රිය එන්ජිම පාලම උඩ නතරවී දුම්රිය මැදිරි කලාඔයට නොපෙරළී සිදුවන්නට ගිය අනතුර වැළකී ඇත.
අනතුරින් දුම්රිය මැදිරිවලට මෙන්ම දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව තිබේ.

Related posts

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday