Colombo Today Local News

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි (72) හිමියන්ට පහරදි ඝාතනය කර තිබියදි අද (01) උදෑසන සොයාගත් බව නාගොඩ පොලීසිය පවසයි.

උන්වහන්සේ දාන ශාලාව තුල වැටි සිටියදි සොයාගෙන ඇති අතර මෙය පහරදිමකින් සිදුව ඇති ඝාතනයක් බවට සැකකරන බවද පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ විහාරස්ථානයේ සිටි ගෝලයෙකු ඝාතනයට ලක්වු හිමියන්ගෙන්  මුදල් ඉල්ලා නොදිම නිසා ඇතිවු ආරවුලකදි  පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බව අනාවරණය වි ඇති බවය.

සැකකරු මේ වනවිට පළාගොස් ඇති අතර  සැකකරු හඳුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා  නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලු කණ්ඩායමක්  විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු අවශ්‍ය නම් නීතිත් වෙනස් කරනවා.

colombotoday

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday