අධිකරණ කටයුතුවලට බාධා පමුණුවන වාර්තා පළ කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් සැප්තැම්බර් 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14)දින නියෝග කළා.
සැකකරු පසුගිය අගෝස්තු මස 30 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
වෙබ් මාධ්‍යවේදියා සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂණ සදහා පොලිස් භාරයට ගෙන ඇත.