Colombo Today Local News

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. මහමැතිවරණයට වැය වන වියදම ගණනය කිරීමට සිදු වන්නේ තවත් දෙසතියකින් පමණ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Related posts

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin

නිධන් සොයා කැනීම් ඇරඹේ

Admin

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

colombotoday