මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු රචනා කළ පොතක් එළිදැක්වීම සඳහා කොළඹදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දන් ඒ මහතා පැවසුවේ මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු මෙන්ම මහමොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
ඒයට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.