Colombo Today Local News

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

සම­හර කතා අසද්දී සිතෙන්නේ අබුද්ද කාලේ කියාය. අබු­ද්දස්ස කාලයේ ඇසුණු එවන් කතා­වක් ගැන මේ ලියන්නේ එය හොඳද නර­කද කිය­න්නට නොවේ. එහි හොඳ නරක ගැන තීර­ණය කළ යුතු ඔබ විසි­න්මය. යන්තම් වයස අවු­රුදු 14 ක් වු තම එකම දිය­ණිය ප්‍රදේ­ශයේ රෝහ­ල­කට රැගෙන ගොස් කෙටි කාලීන වද­සැ­ත්ක­මක් කරවා වයස අවු­රුදු 22 තරු­ණ­ය­කුට නාමි­කව පාවා දුන් නරුම මවක් පිළි­බද අම්පාර, උහන පොලී­සිය වාර්තා වෙයි.

අම්පාර දිස්ත්‍රි­ක්කයේ උහන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශයේ පිහිටි ලාතු­ගල නම් ගම්මා­නය උණ සංව­ර්ධිත අඩු­ආ­ධා­යම් ලාභී පවුල් වලින් සම­න්විත ඉතා දුෂ්කර ගම්මා­න­යකි. මෙහි උපත ලද ඇයට අපි රූපිකා යැයි කියමු. ප්‍රදේශයේ එක්තරා මහා විද්‍යා­ල­යක 9 වසරේ ඉගෙ­නුම ලැබු 14 හැවි­දිරි රූපිකා නිතර මී මැසු මොර රෝග­යෙන් පෙලුන හෙයින් විදු­හලේ විදු­හ­ල්පතිවරයා රූපි­කාගේ මව ගෙන්වා රූපි­කාගේ ආර­ක්ෂාව පතා ඇය පදිංචි ගමේ පාස­ලට ඇතු­ළත් කරන ලෙසයි.

ඒ අනුව මව විසින් රූපිකා එම පාස­ලෙන් අස්ක­රවා ගමේ පාස­ලට ඇතුළු කිරී­මට උත්සාහ ගෙන ඇතත් ගමේ විදු­හ­ල්ප­ති­ව­රයා පවසා ඇත්තේ ඇය පාස­ලට භාර ගැනී­මට නම් ඇගේ ආර­ක්ෂාව පතා වැඩි­හි­ටි­යකු පාස­ලට එවිය යුතු බවයි.

කුලී වැඩ කරන රූපි­කාගේ මව එය කළ නොහැකි නිසා රූපි­කාගේ පාසල් ගමන එත­කින් අව­සන් කළේය.

පසුව 2019 වසරේ දිනක රූපි­කාගේ දුර­ක­ථ­න­යට ලැබුණු මිස්කොල් එක­කින් හඳු­නා­ගත් තණ­ම­ල්විල ප්‍රදේ­ශයේ 22 හැවි­දිරි පුද්ග­ල­යකු සමඟ ටික කලක් තිස්සේ දුර­ක­ථන ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන ඇත. රූපිකා දුර­ක­ත­න­යෙන් නිතර නිතර කතා කරන අයුරු දුටු මව ඒ පිළි­බද දිය­ණි­ය­ගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදි රූපිකා තම ප්‍රේම සම්බ­න්ධය පිළි­බඳ විස්තර මවට පවසා ඇත. එහිදි මව උප­දෙස් දී තිබුණේ එම තරු­ණයා නිව­සට කැඳ­වන ලෙසයි. ඒ අනුව තරුණියගේ දැන්වීම මත එම තරු­ණයා 2020.08.01 වන දින රූපි­කාගේ නිව­සට පැමිණ තිබේ. ඔහු හා කළ කතා­බ­හේදී තරු­ණයා රැකි­යා­වක් කරන බව දැන­ගත් බැවින් මව එක පයින් එම සම්බ­න්ධ­යට කැමැත්ත දුන්නේය.

තරු­ණයා ආපසු ගිය පසු මව කළේ සිය දිය­ණිය ප්‍රදේ­ශයේ රෝහ­ල­කට කැඳ­වා­ගෙන ගොස් කෙටි­කා­ලීන පවුල් සැල­සුම් සැත්ක­මක් කර­වී­මයි.

පසු දිනක මවගේ අනු­දැ­නුම මත තණ­ම­ල්විල තරු­ණයා නිව­සට පැමිණ නතර වී ඇති අතර දෙදෙනා අඹු­සැ­මි­යන් ලෙස ජීවත් වී ඇත.

මාස­යක් පමණ කල් ගත වීමෙන් පසු මවගේ උප­දෙස් පරිදි එම වත්තේම කොනක කටු­මැටි ගසා පොල්අතු හෙවිලි කළ ගෙප­ලක් තැනී­මට තරුණ අඹු සැමි යුවළ පටන් ගෙන තිබේ.

මේ අතර තුර රූපි­කාගේ පියා විසින් ඔවුන්ගේ සම්බ­න්ධ­යට තදින්ම විරුද්ධ වී ඇති අතර ඉබා­ගාතේ පැමිණි තරු­ණයා සමග දීග කෑමට දිය­ණි­යට ඉඩ නොදෙන ලෙසත් ඔහුව නිව­සින් පන්නා දමන ලෙසත් බිරි­දට දන්වා ඇති නමුත් මව එය කිසි­වක් ගනන් නොගෙන අලු­තින් හදන නිවසේ දෙදෙනා පදිංචි කර වීමට කට­යුතු කර ඇත.

මින් දැඩි කෝප­යට පත් පියා උහන පොලී­සි­යට ගොස් සියල්ල හෙළි කර­මින් පවසා ඇත්තේ සිය බිරිද තම බාල වය­ස්කාර දිය­ණි­යව විවාහ කර දීමට කට­යුතු කරන බවයි.

මේ අනුව ක්‍රියා­ත්මක වු උහන පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක එල්. බී. එම් කරු­ණා­රත්න අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජයන්ත රත්නා­යක සහ සහ­කාර පොලිස් අධි­කාරි ටී.එම් ජය­රත්න දැනු­වත් කර ඔවුන්ගේ උප­දෙස් මත වැඩ බලන පොලිස් පරි­ක්ෂක සරත් විදා­න­හේවා අප­රාද අංශයේ ස්ථානා­ධි­පති උ.පො.ප ලලිත් සම­ර­වීර ළමා හා කාන්තා කාර්යං­ශයේ ස්ථානා­ධි­පති ෂර්මිලා ඉරෝ­ෂණි ගාල්ලගේ පො.සැ 5494 රාජ­පක්ෂ ආ.පො.කො 61993 උෂාන්ති සහ අ.පො.කො සුද­ම්මිකා 10237 යන නිල­ධා­රීන් ලවා පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මයි.

ඒ අනුව පරි­ක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩා­යම් බාල වය­ස්කාර රූපිකා දූෂ­ණ­යට කළ බව කියන තණ­ම­ල්විල, නදි­නී­ගල පදිංචි 22 හැවි­දිරි යු.ඩබ් නාමල් සද­රු­වන් යන අය ඊට පූර්ණ ආධාර හා අනු­බල දුන් රූපි­කාගේ මව වන ආර්.වී. රසිකා (35) යන අයත් අත්අ­ඩං­ගු­වට ගෙන මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර තිබේ.

අවු­රුදු 14ක් යනු පෙර යොවුන් අව­දි­යයි. ඉගෙන ගත්තේ නම් ඇය තව­මත් 10 වස­රේය. බාල වය­ස්කාර දරු­වන්ට මේ කිසි­වෙක් නොතේ­රු­ණ­මුත් වැඩි­හි­ටි­යන් මේ වැනි දේට අනු­බල දීමෙන් කරන්නේ දරු­වන්ගේ ජීවිත අඳුරු කිරී­මය.

Related posts

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

colombotoday

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල කේරළ ගංඡා අලෙවි කළ කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday