මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝසභික අති පූජ්‍ය අළුත්ගම ශ්‍රී ධම්මානන්ද මහා නාහිමියන් අපවත් වී තිබෙනවා.
අපවත්වන විට උන්වහන්සේ 103 වන වියෙහි පසුවුණා.
මල්වතු මහා විහාරයේ වැඩ සිටි වයෝවෘද්තම හිමියන් වන්නේද උන්වහන්සේය.
මල්වතු මහා විහාරයේ ‘වැලිවිට සඟරජ ලකුණ’ නමින් පරසිඳු ධම්මානන්ද හිමියන් ධර්මඥානයෙන් පොහොසත් වූ, බහුශ්‍රතභාවයෙන් අගතැන්පත්, ශාසනික කුසලතාවයෙන් පිරිපුන් වූ අල්පේච්ඡ ගුණැති, නිරහංකාර ගතිපැවතුම්වලින් හෙබි, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ ජනතාවට අතර සම්භාවනාවට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.