Colombo Today Local News

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධානාගරයේ සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

ඒ අතුරින් සිරකරුවන් 23 දෙනෙකු මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමවූවන් බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ දක්වා සිරකරුවන් 1226 දෙනෙකු මරණීය දණ්ඩනයට නියම කර ඇති බව වාර්තා වනවා.

ඉන් 193 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර මත්කුඩු සම්බන්ධයෙන් වරදකරුවන් වී බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට කඩිනමින් මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශ කර තිබුණා.

Related posts

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

මහින්ද දේශප්‍රියගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක්‌

colombotoday