Colombo Today Local News

මරණීය දණ්ඩනය නියම වූ රණවිරුවන් සිව් දෙනෙකුට ජනපති සමාව !

උතුරේ මානුෂික මෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරියකුට සහ සෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිති.

මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වේ.

මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩු විභාග සිදුකළ මහාධිකරණ විනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව මහාධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

– deshaya

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday