Colombo Today Local News

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මහතා එළැඹෙන 28 වැනි දා මෙරටට පැමිණීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඔහු මෙරට ගත කරන කාලයේ දී මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඉන් පසු මාධ්‍ය හමුවක් පවත්වන බවත්ය.

මේ අතර ඔහුගේ ගමනට පෙර ඔහුට අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඊයේ (22) දිනයේ මෙරටට පැමිණ තිබේ.

16 දෙනෙකුගෙන් යුතු එම හමුදා නිලධාරීන් පිරිස කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මෙම රාජතාන්ත‍්‍රික පිරිස සදහාද සාමාන්‍ය නිරෝධායන කටයුතු සිදු නොකරන නමුත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී සදහන් කලාය.

Related posts

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

තහනම් සංවිධානවලට ආයුද දුන් යාපනයේ තරුණයෙක් අල්ලයි

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin