Colombo Today Local News

“මමත් නළුවෙක්…“ වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලයි

එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය.

ආණ්ඩු මාරු චිත්‍රපටයේ තමාද ප්‍රධාන චරිතයක් වූ බව කී සේනානායක මහතා මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු වේලාව බැවින් පක්ෂය සමඟ සිටින බව ප්‍රකාශ කළේය.

වසන්ත සේනානායක මහතා මේ බව පැවසුවේ අද (26) රාත්‍රී කොළඹ අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එම මාධ්‍ය හමුවට පෙර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද පැවැති අතර සේනානායක මහතා ඊටද සහභාගී විය.

Related posts

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දිවයිනට

colombotoday

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin