Uncategorized

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මගිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ජාත්‍යන්තර විභාග සඳහා පමණක් පෙනී සිටීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙහි කටයුතු කරන සමයේ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවද එහි දක්වා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ එම ප්‍රකාශය මගින් ජනතාව නොමග යැවීමට උත්සාහ කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන  විසින්ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලික සහ රජයේ පාසල්වලින් ලබාදෙන අධ්‍යාපනය වෙන් කර දැක්විය නොහැකි බවයි.

එමෙන්ම අනාගත දරුවන්ගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලබාදිය යුතුව ඇති බව පවසන මහේල ජයවර්ධන, උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය කළ සියලු සිසු සිසුවියන් වෙත සුභ පැතුම් එක් කිරීමටද අමතක කර නැහැ.

පෞද්ගලික විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා දිවයිනේ පස් වන ස්ථානය හිමි කරගත් සිසුවිය වෙත මහේල ට්විටර් පණිවුඩය මගින් විශේෂ සුභ පැතුම් එක් කර තිබීමද විශේෂත්වයක්.

Related posts

නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]

colombotoday

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

colombotoday

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

colombotoday

ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday