කොකේන් භාවිතය සම්බන්ධව සැකපිට ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස අද (29 වැනිදා) ශ්රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා ඊයේ (28 වැනිදා) රාත්රි ඩුබායි සිට පැවසීය.
ඔවුන් සමග අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා, කන්ජිපානි ඉම්රාන් ඇතුළු පස් දෙනෙක් ඊයේ (28 වැනිදා) සහ පෙරේදා (27 වැනිදා) මෙරටට පිටුවහල් කරනු ලැබූහ.