Colombo Today Local News

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ගමනාගමනයේ යෙදෙන බස්රථ වර්ග ගෙන්වීම ඉදිරියේ දී තහනම් කිරීමට තීරණය වී තිබෙනවා.

මගීන්ගේ අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.

වර්තමානයේ පුද්ගලික අංශය විසින් ගෙන්වනු ලබන සාමාන්‍ය බස් රථ, ලොරි චැසි සඳහා බස් බොඩි එක්කරන ලද ඒවා බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව ඉදිරියේදී පුද්ගලික අංශයට පහත් පතුල් බස් රථ (Low-floor bus ) පමණක් ගෙන්වීමට අවසර දීමට නියමිතයි.

එම බස් රථ සඳහා ගොඩවීමට අපහසුවක් නොමැති අතර ගමන් කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ටද පහසුවෙන් ගොඩ විය හැකි වනවා.

Related posts

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

2024 ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

Admin

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Admin

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin