Colombo Today Local News

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතය දක්වා වර්ධනය වෙයි

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ත්‍රිකුණාමලය වෙරළට කි.මී 425 දුරින් මුහුදේ ස්ථානගතව පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවය.

මෙම පද්ධතිය මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 24 වන දින දිවයිනෙන් ඊශානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා වෙනු ඇත.

මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙයි.

උතුරු, නැගෙනහිර සහ උතරුමැද පළාත්වල ජීවත්වන ජනාතවට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

වීෂ ශරීරගත කළ කතාව බොරුවක්.. පුණුරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයන් කියයි

colombotoday

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – ගම්මන්පිල සහ රමේෂ් සම-කැබිනට් ප්‍රකාශක ධූරවලට

colombotoday

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න ඉල්ලා තව්හීද් ජමාත් පොලීසි යයි !

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday