Colombo Today Local News

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්වී පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඉතාමත් හොඳ කාරණයක් බවත්, අපි එතුමා සාදරයෙන් පිළිගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (03)දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමට යන බවට ඇති රාවයේ සත්‍යතාව කුමක්දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දෙන බවට මෙතෙක් තමන් දැනුවත්ව එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බවයි. ඇතැම් මාධ්‍ය තුළ පළව තිබූ ප්‍රවෘත්තිය තුළ අන්තර්ගතව තිබුණේ අද දින එතුමා දිවුරුම් දෙන බවයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් පත් කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කටයුත්තක් බවත්, එය එක් දිනකින් කළ හැක්කක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday