World

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය පාලක කන්සර්වේටිව් පක්ෂයට. පරාජය හේතුවෙන් කම්කරු පක්ෂයේ නායකයා ඉල්ලා අස්වේ.

ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජය ගත්තේ ය.

මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හේතුවෙන් තමන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බව එම පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසර 84ක ඉතිහාසය තුළ කම්කරු පක්ෂය මුහුණ දුන් දැවැන්තම මැතිවරණ පරාජය මෙය බවයි.

කෙසේ වෙතත් 70 හැවිරිදි ජෙරමි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන දිනයක් පිළිබඳ සඳහනක් සිදු කර නොමැති අතර කිසියම් කාල පාරාසයක් තනතුරේ රැඳී සිටිනු ඇති.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජෙරමි පවසා ඇත්තේ, මෙවර ඡන්ද ප්‍රතිඵල තුළින් බලාපොරොත්තු සුන් වූ බවත් ඉදිරියේදී එන කිසිදු මහ මැතිවරණ ව්‍යාපාරයකට තමන් නායකත්වය නොදෙනු ඇති බවත් ය.

Related posts

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

colombotoday

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

colombotoday

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin