Colombo Today Local News

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද (15)දින සිට යළි අවස්ථාව සැලසෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් සතියකට එක් වතාවක් පමණක් මෙලෙස රැඳවියන් බැලීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් සමග බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඒ අනුව, පසුගිය සඳුදා දිනයේ දී සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව සලසාදීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

මේ අතර, සැකකරුවෙකුගේ ලේ ඥාතියෙකු මිය ගියහොත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට යාමට ද අද සිට අවස්ථාව සැලසෙන බව ඒ මහතා පැවසීය.

Related posts

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

රතන හිමිගේ ගුන්ඩුවක් කෑ ආණ්ඩුවේ පක්ෂ 11ක් කළ ඉල්ලීමට ජනපති බෑ කියයි

colombotoday

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

Admin

උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

colombotoday

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday