Colombo Today Local News

බදු සහන ජනතාවට නොදෙන වෙළෙඳුන් ගැන හොයන්න ජනපතිගෙන් උපදෙස් !

2019 වසරේ දෙසැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් බදු ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදෙන්නැයි රජය ව්‍යාපාරික ප්‍රජාවට අවධාරණය කර සිටියි.

ඒ අනුව මහා පරිමාණ තොග ආනයනකරුවන්,නිෂ්පාදකයන්,බෙදා හරින්නන් සහ කුඩා සිල්ලර වෙළෙඳුන් අධීක්ෂණය කරන මෙන් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසන්නේ සිල්ලර,තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩුකිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයා වෙත ළඟා නොවන බවට මහජනතාවගෙන් ජනාධිපති කාර්යාලයට අඛණ්ඩව පැමිණිලි ලැබෙන බවයි.

තොග බෙදාහරින්නන් විසින් එකී ප්‍රතිලාභ සිල්ලර ව්‍යාපාරිකයන්ට ලබා නොදෙන බවටත්,සාධාරණ වෙළෙඳාම හා තරගකාරී භාවිතයන්ට ගරු නොකරමින් තොග බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් කිහිප දෙනෙකු වෙළෙඳපොළ තම පාලනයට නතුකරගෙන සිටින බවටත් සිල්ලර වෙළෙඳුන් රැසක් දැනුම් දී ඇති බව එම නිවේදනයෙහි සඳහන්ය.

තරගකාරී වෙළෙඳාමේදී බදු ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන මෙන් දේශීය නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම තත්ත්වය සමීපව අධීක්ෂණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති අතර බදු අඩුකිරීමේ පූර්ණ ප්‍රතිලාභ පාරිභෝගිකයින්ට ලබාදෙන බවට සහතික වන්නැයි ව්‍යාපාරික ප්‍රජාවට,ආනයනකරුවන්ට,තොග හා සිල්ලර බෙදා හරින්නන්ට අවධාරණය කරන බවද එහි සඳහන්ය.

තරගකාරී නොවන වෙළෙඳපොළ භාවිතයන්ට ඉඩ නොදෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව රජය ව්‍යාපාරික ප්‍රජාවට සිහිපත් කර සිටියි.

Related posts

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

colombotoday