Colombo Today Local News

පිළිකා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත කීවා – රෝහල් අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය අද(01) වාර්තා කර ඇත.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.

මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.

හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.

Related posts

මහ රෑ පෙම්වතිය හමුවන්න ගිය සිසුවා විදුලි රැහැනක පැටලී කුඹුරකදී ජීවිතක්ෂයට | පෙම්වතියටත් කරන්ට් වැදිලා

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

colombotoday

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

colombotoday