පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ගොතටුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට සහය දැක්වූ පුද්ගලයෙකු ගොතටුව සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට සහය දැක්වූ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මේ බව සඳහන් කළේය.