Colombo Today Local News

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙකු හට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමන් මේවන විටත් අත්සන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති හමුවකදි ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රට තුළ නායකයින් දෙදෙනෙකු බිහිවු බවයි ඒ මහතා එහිදි ප්‍රකාශ කළේ.

ඉදිරියේදී මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත්, එම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා කියා සිටියේ, ජනාධිපතිවරණයෙන් මාස දෙකකට පසු මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවයි.

ජනමත විචාරණයක් පැවැත්වීමට සුදානම් වන බවට පැතිරයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් පවතින බව තමා පිළිගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday