එච් එන් ඩී ඒ පාඨමාළාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පහර දීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා වැඩ බලන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා අද පෙරවරුවේ ස්වාධීන පොලිස් කොමිසම වෙත කැදවනු ලැබුවා.
මෙම සිද්ධීය ගැන සොයා බැලීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බවත් සිද්ධියට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යනය කර එවැනි සිදුවීම් ඉදිරියෙදී ඇති නොවීමට කටයුතු යෙදීම පිණිස අදාල නිර්දේශ ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව පොලිස් කොමිසම පවසනවා