World

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

පකිස්ථාන පාර්ලිමේන්තුවේ  කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය.

දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු හමුවූ බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වූ බවත් කථානායකවරයා පවසා ඇත.

කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන නමුත් මෙය වාර්තා වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොරෝනා පරීක්ෂණයට ලක්වී ඇතිදැයි හෙළිවී නොමැත.

කෙසේවුවද ඉම්රාන් ඛාන් මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකරන ලද කොරෝනා වයිරස පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබිණි.

පකිස්ථානයේ දකුණු දිග සින්ද් පළාතේ ආණ්ඩුකාර ඉම්රාන් ස්මයිල් මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 17 439ක් වාර්තා වන අතර මරණ 391ක් සිදුවී තිබේ.

රෝගීන් 4 315ක් සුවය ලබා තිබේ.

පකිස්ථානයේ මිලියන 207කට අධික ජනගහනයක් සිටින අතර දිනකට සිදුකරන්නේ පරීක්ෂණ 8 000ක පමණ ප්‍රමාණයකි.

පසුගිය දින කිහිපය තුළ පකිස්ථානයේ දෛනික රෝගී වාර්තාවීම් ඉහල ගිය අතර ඊයේ (30) එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වන 990ක් වාර්තා වී තිබිණි.

Related posts

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

මෙටා අන්තවාදී සංවිධානයක් යැයි අධිකරණ නියෝගයක්. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

colombotoday

අපේ යුද ශක්තියෙන් තවම පෙන්නුවේ ටිකයි – පූටීන්

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday