Colombo Today Local News

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය හා ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ 7 වන වගඋත්තරකරු ලෙස නම් කොට ඇති හිටපු කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඔහු කැඳවා අවවාද කරන ලෙස නීතිඥ මෝදිත ටී. බී. ඒකනායක මහතා ඊයේ (21) මෝසමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝග අනුව කරු ජයසූරිය මහතාට එකී පෙත්සම සම්බන්ධයෙන් නොතීසි භාරදීමට ගිය නමුත් ඔහු එකී නොතීසිය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ ගැනෙන අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුකර ඇතැයි නීතිඥ මෝදිත ඒකනායක මහතා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.

සිය සේවාදායකයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 19 වැනිදා කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර කරු ජයසූරිය මහතාට නිසි පරිදි නොතිසි භාරදීමක් සිදුකර නොමැති බැවින් එකී නොතීසිය නිසි පරිදි භාරදීමක් සිදුකර ඉල්ලීමක් කරන ලෙසට අගවිනිසුරුවරයා විසින් තමාට නියෝග කළ බවත් එකී නියෝගය අනුව නොතීසිය භාරදීමට අවශ්‍ය බව සිය සේවාදායකයාගේ ජංගම දුරකථනයෙන් දැනුම් දුන් අවස්ථාවේදී අනුදැනුමකින් තොරව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම පිළිබඳ නොසතුට පළ කළ ඔහු එදින පස්වරු 6.00 ට පමණ සිය නිවසට පැමිණෙන ලෙසට පැවසූ බවත් නීතිඥ මෝදිත ඒකනායක මහතා එමගින් අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව එදිනම පස්වරුවේ තමා පෞද්ගලිකව කරු ජයසූරිය මහතාගේ නිවසට ගොස් කරුණු පහදා දීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයකු පසු දින (20) අධිකරණයට එවීමට පියවර ගන්නා බවට ඔහු පොරොන්දු වූ නමුත් එදින උදෑසන තමා ඇමතූ ආරියවංශ දිසානායක මහතා කරු ජයසූරිය මහතා නියෝජනය කිරීමට නීතිඥවරයකු එවීමට පියවර නොගන්නා බව කරු ජයසූරිය මහතා දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් බව සිය සේවාදායකයා තමාට ප‍්‍රකාශ කළ බව ද අධිකරණයට පැවසීය.

ඒ බව තමා ගරු විනිසුරු මඬුල්ලට දැනුම් දී අධිකරණයේ අවසරය මත සිය සේවාදායකයා ඉදිරිපත් කළ පෙත්සමේ කරුණු තහවුරු කළ බවත් කරු ජයසූරිය මහතාට නොතීසි භාරදීමට තමා අනුගනය කළ කි‍්‍රයාකලාපය පිළිබඳව දැනුවත් කරන ලෙසට අගවිනිසුරුවරයා විසින් කරන ලද නියෝගය අනුව ඊයේ (21) උදෑසන එකී මෝසම මගින් කරුණු දැක්වූ බවත් නීතිඥ මෝදිත ඒකනායක මහතා අධිකරණයට දන්වා තිබිණි.

Divaina

Related posts

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday