Colombo Today Local News

නේවි රුවන් අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නේවි රුවන් සහ ඔහුගේ ගෝලයෙකු හෙරොයින් සමග කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (06)දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවතින අතර වරෙන්තු ද නිකුත් කර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ලද තොරතුරකට අනුව කොබෙයිගනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ පහල කොබෙයිගනේ ප්‍රදේශයේ වැටලීමක් සිදුකළ අතර එහිදී හෙරෝයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 830 ක්, මෝටර් රථයක්, ජිප් රථයක්, ජංගම දුරකථන 06ක්, සිම්පත් 11ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම සැකකරුවන් 26 සහ 42 යන වයස්වල පසූවන රත්නපුර හා පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන්‍ වෙයි.

සැකකරුවන්ට හෝමාගම, අවිස්සාවේල්ල, පූගොඩ හා ගංගොඩවිල අධිකරණවල කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවතින බවද අනාවරණය වී තිබේ.

සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා කොබෙයිගනේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

Related posts

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin