Colombo Today Local News

නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් කොරෝනා වෛරසය මෙරට සමාජයට ව්‍යාප්තවීමේ අනතුරු ඇඟවීමක්

නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

පීසිආර් පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මේ අතර අද (26) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලවින් 228 දෙනෙක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද වන විට පුද්ගලයින් 32, 816ක් නිරෝධායනය අවසන් කර ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65ක පුද්ගලයින් 7‍,058ක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (25) දිනය තුළ දී පීසීආර් පරීක්ෂණ 1,580ක් සිදුකර ඇති අතර, සමස්ථ පරීක්ෂණ ගණන 211,090ක් වේ.

ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග සුවය ලැබු සමස්ථය 2816ක් දක්වා ඉහළ ගියේය.

වෛරස ආසාදිතයින් 143 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

colombotoday