Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මුදල් සහ අදාල වන්දි ලබාදීමේ පදනම මත එහි අයිතිකරුවන්ට නෞකාව ඉවත් කර ගැනීමට ඊයේ (02)දින අවසර ලබාදුනි.

ඒ අනුව නෞකාව ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බවට ප්‍රකාශ කළ ද එය මේ වන විට මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යාමට තවත් දින 3 ක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු පැවසීය.

මැද පෙරදිග කලාපයේ නැංගුරම් දැමීමෙන් පසු මෙහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාල වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 442 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday