Colombo Today Local News

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

කටුනායක ගුවන්තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට සිදුකරන ගෙවීම් අත්හිටුවීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබේ.

අදාළ සමාගම් අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.

නියමිත දිනට ඉදිකිරීම් අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම් සඳහා අමතර කාලයක් ලබානොදෙන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

කටුනායක ගුවන් තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමේ අවස්ථාවට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළා.

Related posts

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

colombotoday

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

colombotoday

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin