Colombo Today Local News

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124න් 123ක ඔවුන්ගේ කටහඬ හා සැසඳෙන බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(23) අධිකරණයට දැනුම් දී ඇත.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව මඟින් කටහඩ සාම්ල ලබාගත අතර ඒවා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම හඬපටවල ඇතැම් කොටස් විනාශ වී ඇත්දැයි සෙවීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට සිදුවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට දැන්වීමෙන් පසු ඊට අවසර හිමි වි තිබේ.

කෙසේ වෙතත් හඬ පට 124න් 123ක් නාලක ද සිල්වාගේ හා නාමල් කුමාරගේ බවට අනාවරණය වු බව අද(23) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දී ඇත.

මීට අමතරව නාලක ද සිල්වා විසින් භාවිතා කරන ලද නිල ලැප්ටොප් පරිගණකයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ෆේස් ගිණුමක් සම්බන්ධයෙන්ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් වු ලැප්ටොප් පරිගණකය රසපරීක්ෂක වෙත යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

මේ අතර, නාමල් කුමාර විසින් බාර දුන් සීඩී පට දෙකක් රසපරීක්ෂක වෙත යොමු කර ඇති බවත් එහි වාර්තාවක් අධිකරණය වෙත යොමු කරන ලෙසත් දැනුම් දී තිබේ.

නාලක ද සිල්වා විසින් දුරකථනයක් හා එයට අදාළව සීඩී තැටියක් ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් අද සිව්වෙනි දිනටත් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතිමය කටයුතු සිදු කරන බව ද අධිකරණය දන්වා තිබේ.

ඒ අනුව රැඳවුම් නියෝග මත දිගටම ප්‍රශ්න කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

“මීළඟ ජනපති කළුතරින්” සුදත්ත හිමිගේ ප්‍රකාශයෙන් පසු සිංහල රාවය විසුරුවා දමයි

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.

colombotoday

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

colombotoday

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday