Colombo Today Local News

නාමල් කුමාර යළි රිමාන්ඩ්

දූෂණ විරෝධි බලකාය නමැති සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නමැත්තා ඊයේ (26) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර පසුගිය 18 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සති 03 කට පසු හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ ගැටුමකට නාමල් කුමාර සම්බන්ධ වූ බවට සැකපිට පසුගිය මැයි 14 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනුණේ වරකාපොලදීය.

Related posts

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday