World

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

නවසීලන්තයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හමු වී තිබේ. ඒ, එරට විශාලතම නගරය ලෙස සැළකෙන ඕක්ලන්ඩ් නගරයෙනි.

එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙක් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මීට දින කිහිපයකට පෙර ඕක්ලන්ඩ් නගරයෙන් ආසාදිතයින් සිව් දෙනෙක් හමුවිය. ඔවුන් සියලුදෙනා එකම පවුලේ සාමාජිකයින් බවත් අද (13)දින වාර්තා වූ රෝගීන් 13 දෙනෙක් එම පවුලේ සමීපතමයින් වේ.

අනෙක් පුද්ගලයා විදෙස්ගතව පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

දින 102කට පසු නැවත වරක් රෝගීන් හමු වීමත් සමගම නවසීලන්ත වැසියන් පුදුමයට පත්ව තිබේ.

මේ වනවිට ඕක්ලන්ඩ් නගරය තුළ සිකුරාදා මධ්‍යම රාත්‍රිය තෙක් සංචරණ සීමා පනවා ඇත. එසේම රට පුරා සමාජ දුරස්ථභාවය සම්බන්ධ රීති ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

“අපි මුහුණ දී තිබෙන තත්ත්වයේ බැරෑරුම්කම අපිට පෙනෙනවා,” මාධ්‍ය හමුවක් අමතමින් අගමැතිනී ජසින්දා අර්ඩන් පැවසුවාය.

රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රශංසාව ද නවසීලන්තයට හිමිවිණි.

නමුත් අගමැතිනී ජසින්දා අර්ඩන් පවසන්නේ දැන් මතු වී ඇති රැල්ල, එය පාලනය කිරීමට පෙර තවත් වර්ධනය වීමට ඉඩ ඇති බවය.

Related posts

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

colombotoday

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවස්ථා චීනය මැදිහත්වී නවත්වනවා | තායිවාන ජනාධිපතිගෙන් චෝදනා.

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday