Colombo Today Local News

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කළ පිරිස අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි ඩුබායි සිට ලැබෙන නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන් නිදහස් කිරීමට පොලිසිය තීරණය කර ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු 23 දෙනෙක් ගෙන් යුත් පිරිස හෙට (10) දිනයේදී එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ක්ලේමෝ 10ක් ඇතුළු යුධ උපකරණ තොගයක් කිලිනොච්චියෙන් හමුවෙයි

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

දකුණු ආසියාවේ විශාලතම රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

colombotoday