Colombo Today Local News

දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමය

sajin vasප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබා ගැනීමට පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20දා) පෙරවරුවේ පැමිණ සිටියේ ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සමඟය. රජයේ දේපළ වන ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 23ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනාවලට ලක්ව සිටින සැකකරුවකු හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රිවරයකුට ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ ආරක්‍ෂාව සැපැයීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා මෙසේ පැවැසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට ජීවිත තර්ජන දිගින් දිගටම ඇති වූ අවස්ථාවේදී, ඔහුට පොලිස් ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස අපි සෑම වගකිව යුතු අංශයකින්ම ඉල්ලීමක් කළා. එහෙත් ඒ මහතාට පෞද්ගලික ආරක්‍ෂාවක් ලබා දිය නොහැකි බව එහිදී බලධාරීන් දන්වා සිටියා. නමුත් රජයේ දේපළ වංචා කළ නඩුවක සැකකරුවකුට අද ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ ආරක්‍ෂාව දීලා. ඒක පුදුම සහගතයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හෝ කිසිදු නිලතලයක් නොදරන සජින් වාස්ට ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ ආරක්‍ෂාවක් දුන්නේ කෙසේද? රජයේ දේපළ වංචා කළ පුද්ගලයන්ටත් පොලිස් ආරක්‍ෂාව ලබා දෙනවාදැයි නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රශ්න කර සිටියේය.

ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ නිල ඇඳුම් අඳගත් නිලධාරීන් දෙදෙනකු සජින් වාස් ගුණවර්ධන මහතා සමඟ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි.

Related posts

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday