Colombo Today Local News

දින 113කට පසු සිසුන් සදහා පාසල් හෙට සිට විවෘතයි

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් දින 113කට පසු හෙට (6)දින මුල්වරට සිසුන් සඳහා විවෘත කෙරෙයි.

මෙලෙස පාසල් එන දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක්ද ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පාසල් තාවකාලිකව වසාදැමීමට රජය පියවර ගත්තේ ඉකුත් මාර්තු 13 වැනි දායි.

ඒ අනුව මාස හතරකට ආසන්න කාලයක් වසාදමා තිබූ පාසල් හෙට සිට සිසුන් සඳහා විවෘත වේ.

ඉකුත් ජූනි 29 වැනිදා ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සඳහා පාසල් විවෘත කෙරුණත් සිසුන් සඳහා විවෘත වන්නේ අදියර කිහිපයක් යටතේයි.

ඒ අනුව 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් හෙට සිට පාසල් වලට පැමිණිය යුතු වේ.

ඉන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 11 වැනි ශ්‍රේණියේ සහ සිසුන් උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 13 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා ක්‍රියාත්මකයි.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 5 ශ්‍රේණියෙ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු පැවැත්වෙනු ඇති.

Related posts

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday