Colombo Today Local News

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

පොළොන්නරුව, ත්‍රිකෝණමඩුව රජයේ රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී එහි ගැවසෙමින් සිටි තිත් මුවෙකු මරා එම මුවාගේ මස් කිලෝ 3 ක් තම බාරයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබූ පුද්ගලයෙකුට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

පොළොන්නරුව මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා විසින් ඊයේ (09)දින මෙම නියෝගය නිකුත් කර ඇත.

ඊට අමතරව විත්තිකරුට මුදලින් රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගවන්නේ නම්, ඔහුට තවත් මාස තුනක සිරදඬුවමක් නියම කළේය.

පොළොන්නරුව, වැලිකන්ද කුඩා පොකුණ, ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස වරදකරු වී තිබේ.

සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව පොළොන්නරුව වනජීවි කලාප කාර්යාලය මඟින් එම නඩුව පවරා තිබුණි.

‍පොළොන්නරුව, වනජීවි කලාපය බාර වනජීවි සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීම මත වනජීවි අඩවි ආරක්ෂක ඩබ්.එම්.කේ විජේකෝන් මහතා සමග වනජීවි නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday

වළදමා තිබූ අත්බෝම්බ සහ වෙනත් යුද උපකරණ යාපනයෙන් හමුවෙයි

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday