Colombo Today Local News

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10)දින නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය ද නිකුත් කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලීසිය වෙත බාරදුන් බවත් ප්‍රකාශ කළාය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සාක්ෂිකාරිය පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේ දැරු ස්ථාවරයට වඩා වෙනස් ඊට පටහැනි ස්ථාවරයක් දරණ බැවින් ඇය පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකාරියක ලෙස නම්කර සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සාක්ෂිකාරිය ගෙන් වැඩිදුරටත් සාක්ෂි මෙහෙයවීම විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අවසර ලබාදුන්නේය.

එම සාක්ෂි මෙහෙය වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන නොයන බවටත් පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවටත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සාක්ෂිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙස නියෝග කළේය.

එමෙන්ම ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ රඳවාගෙන සිටින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඔවුන් වෙත මුදා හරින ලෙස ද නියම කළේය.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ඇන්තනී එමිල් කාන්තන් වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදි කර දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජය මුදල් සහ සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එම ආයතනයේ ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එහි ගණකාධිකාරී වරයෙකු වන ජයන්ත ඩයස් සමරසිංහ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල් කාන්තන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

colombotoday

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

‘අගමැතියි, ග්‍රාමසේවකයි දෙන්නම හොරු රකිනවා.. ජනතාවට කෙළවුනා‘ – රන්ජන් (Video)

colombotoday