Colombo Today Local News

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරනු ලබන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගැනීමට එරට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ජාත්‍යන්තර ගුවන් සේවයකට අයත් ගුවන් යානයකින් බ්‍රිතානයේ ලුටන් ගුවන් තොටුපළට පසුගිය බදාදා (10) සවස පැමිණ ඇති මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ඊට පසුදා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනා මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිසියේ රඳවා තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර සිටියේ තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරෙන මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් ලුටන් ගුවන් තොටුපළේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ දැනුවත් කිරීමකට අනුව 2000 වර්ෂයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වෙනි වගන්ති ප්‍රකාරව එම පිරිස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

Admin

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday